වස්තුවම එක මල්ලක…
තියාගෙන ..කර…..
නැතේ නියමිත තැනක්…….
මුත් ගොදුරු නැත…..හැමතැන……

සිතුනොත් මෙයැයි..තැන….
බිම තියා සිය වස්තුව….
රෙදි පටින් ඇමිනූ……
පැටලුනු ..නූල ගෙන….
වියයි……ඔහු ජිවිතේ වියමන …………!

සොයා සවි ඇති කොන්….
පටලවා ඉලිප්පුනු ..තැන්වල…..
හැඩ.. නැතත් ….වියමන….
එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන ….,

එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල…..
ඇන තියාගෙන..බිම…..
බලා හිදී හෙමිහිට…..
අහින්සක ගොදුරක්…..ඒවියැයි..ඒ දෙස……,

ඔහු මෙන්ම…
පුන්චි…පවුලකම බර…..
එල්ලෙයි…….වියමනේ….
දහයේ කෑලි විලසට…… !!!!

අඩු ප්‍රෙශර් වතුරෙන්….,
ගත පිරිසිදු කල හැකි නිසා….

ආයුර්වේද බෙහෙත් ගල්වා….,
වෙලෙන්න හුලග ඔනෙ නිසා…

ගොඩක් කට්ටියට ඉන්න ….,
ඉඩ කඩ මදි නිසා…..

නොදන්න අයත් …..,
ඉද හිට ඔලුව දමන නිසා…..

ළමයි ටිකටත්….
ආරක්ශාව….මදි නිසා……

කද මහත රාලහාමිලට……,
එන්නත් වෙලා යන නිසා……..
.
.
.
සෙන්ටර් එක…..
උඩු මහලට ගෙන ගියා ……!!

රෑ බදුලු දුම් රිය …..
මකාගෙන ගත… පීරනා සීතල….
ඇතුලු විය හෙමිහිට …….සින්ගිමලේ බින්ගෙට…..!

කදු මුදුන්වල…මොදු වුනු….පිනි බිදු….
රූටා.. හැලුනි පහලට ….!

රින්ගා…..ඝන…
පයිනස්..කැලෑව අතරින්……
කඩතොලු….මාවතේ……
ගැස්සි ගැසිසී……
පැද්දි ….පැද්දී……
අපහසුයි…….දුර්ගය……
හඩ තලාගෙන……ගමනේ…. දුම් රිය……
එකක් බදුල්ලට….අනෙක කොළඹට….

වෙර දමා පිටවන්නට……
පැමිනි වහා….බින්ගෙයින් පිටතට…….
පෙරදාට වඩා…දුම් රොටු…..
විසිරුනා අහසට……..

බදුල්ලටම යන්නට….
අඩපනයි…..එන්ජිම……..!!!
.
.
.
.
.
.
.
අමතක කර ගොස් ඇය….
ඇගලූ කඩමාල්ලක්……
අසුන මත………

උදැහැනැක්කෙම…
ඇය ඇවිත් රාජකාරියට…..
තැන තැන පුන්චි කුටිවල…ඉදෙයි රස මුසු භොජන….

ඇය සෙමෙන් එක කොනෙක සිට..
බලාගෙන යයි හිස් මේස දෙස…
තව නොබො..මොහොතකින් ..
මේස පිරෙනා බව දැන දැන……

දහවලට…පැමිනෙයි බොහො දන….
බුදින්නට පමනක් නොව….
වෙලාවත් කන්නට…..

වැඩි වෙලා රැදෙන වුන් එලවන්නට…ඇයටයි ඇත්තේ අයිතිය….!!

බොහො අය මෙහි එති..අරුමොසම් පැලද…..
නිල කොල විසිකරති…
අඩක් කා විසිකරන කෑමට…

ඇතමෙක් පෙම්බසින් වෙලෙයි…
පිරිසක් ඔහේ කියවති…..
ඒ අතර තවකෙක්…..
ඉදගන්නට තැනක් සොයයි…පියඹ සමගින් පමනක්ම…..

මේ සැම සමග ඇය….
ඔට්ටුවෙයි දවසෙම….
නිමව රාජකාරිය…
බොහො දුර ඇත යන්නට…..

දවසෙම…දුටුවද……
නිරන්තරයෙන් දෑනුනිද…..
පුසුඹ විහිදන……
රජ බොජුන්…යහමට……
රතු බතක් ලිප තියා…
සම්බොලයක්වත් හැදුමට…..
ඉක්මනින් යායුතුව ඇත…
පොඩි එකා නිදන්නට පෙර !!!!

මා එනවිට…
ඔබෙ සොහොනට…
දොතින් මල් මිටක් දරා…
නෙතගින් කදුලකුත් සලා…
හද යට දුක් දොරෙ ගලා…..

කවුදො.. මා එන්නට පෙර…
එතැනින් නික්මිලා ගියා…
ඔබ වෙනුවෙන්….
මම දැල්වූ……
පහන් සිලත් නිවා ..දමා….

හැමදාම හවසට….
“මම්ලකා” කුලුණ පාමුල..
කුලී රථ වලට අත වනමි…
නවාතැනට යාගත නොහී….

නැවතූ සැනින් කුලී රිය….
අසමි දන්නා සියලු බස් වලින්….
මා නවාතැන් පෙදෙස.. ඔවුන් දනීදැයි…
ඇත්මුන් හිස වනා…ඔව් කියති…
ඇතමුන් දමා යයි…
මා කියනා දේ නොතේරී……

හිස වැනූ ..කෙනෙකු රථයට…
ගොඩ වැදි වහා….
ඔහු අසයි……ඉන්දියා……?
මම කියමි…ශ්රිඉ ලන්කා….
ඔහු කියයි……ආ………..සිරි ලන්කා…..

නිහඩයි..ඉන් පසු මොහොතක්….
ඇසේ රිය සක ලිස්සා යන හඩ….
මීටරය…කැරකෙයි….වියලි හුලගට…..
නොදනිමි ඔහු මා…කොහේ ගෙනයාදො…..

දූවිලි ගැසුනු මහා මන් පසුකර….
දමමින් තවත් කුලී රථ වලට වෙට්ටු…..
රිය යයි ඇදී..බොහො..වේගෙන්…..

නිහඩ බව බිදිමි මම….
ඔබ කොයි රටේද…..?
ඉන්දියා…පකිස්තාන්…..බන්ගලිදේෂ්…….යේමන්…..
ඔවුන් සැම ඇත…සුක්කානම පිටුපස…..
ඇතමෙක් සිනාසී…..තනිවම දොඩයි……
‍යූ……මාලින්ගා….කන්ට්රී……………..

සිනාසෙමි මම සෙමෙන්……
පලමු වර හමුව…..පලමුවර වෙන්ව යති……
නැවත කවදාහො…. හමු නොවන බව දැන දැන…..
නමුත් ලෙන්ගතු කමින් හිනැහී……..රියලක් දෙකක්..අඩුවෙනුත් අරගෙන…..

බැස ගනිමි මම… “අල් බුකාරිය” ලගින් ..හනිකට………!!

*”මම්ලකා” කුලුණ – The Kingdom Tower, A major land mark in Riyadh, Saudi Arabia
* “අල් බුකාරිය” – A famous Pakistani restaurant in Riyadh.

අතරමන් වීමි….. කතරක….
දිය බිදට කාසි සෙලවෙන !!!!!

ඔවුන්
දිග කබා..දුහුල් ලොගු හැද..
හිස වසා..හැඩ වැඩ දැමූ රෙද්දෙන්….
සිනාසෙයි…..මහ පාර අද්දර…

පෙරදිනට නොදෙවෙනි ..දාහය…
ඇස් උගුලුවාලන ..හිරු කිරණ..
පලවා දමයි ..ඔවුන්..
ලෙන්ගතු කමින් හිනැහී…..

අපි..

රත් වූ වැලි කැටැ දිලෙන…
තාර දියවූ මාවත් දිගේ…
ඇස් හකුලුවා..ඇවිද යයි…
මොඩයින් සේ ටයි..කොට් පැලද !!!!

දහස් ගනනින් සියුමැලි දෑත්…
නුඹෙ දෑතෙ පැටලී ඇති බව දනිමි….
ඒත් මම ආසයි…
ඒදෑතෙ එල්ලී ඇවිදින්නට……

සියක් මොලකැටි දෙතොල්….
නුඹ දෙතොල විද ඇති බව දනිමි…
ඒත් මම ආදරෙයි….
ඒ දෙතොල් ආයෙ විදගන්නට…

පදම් වූ මදුවිත දෙතොල්…
දුම් ගුලි කරකවා පිඹිනා විට….
මම ආසයි….
ඒ දිහා බලා හිනැහෙන්නට…..

සුවද..පුසුඹින් නැහැව ගිය…
නිරුවත් නුඹේ උඩුකය….
හිස තබා ගෙන සිටිමි….
කෙහෙරැල් අතර….ඇගිලි තුඩු…
සගවනා තෙක් ආදරෙන් …..

හිරු මුවා වෙන කල…..
හෙටට…
මා නැතත්..මේ වගෙම….
නුඹ සිටින බව ..දනිමි….

නමුත් නුඹෙ ..ආදරේ….
මා ලගම බව සිතමි…..

අයෙමත් මා එක්ක…ඉන්න එනකම්….

ආදරෙන් බලා ඉන්නම්….

හැමොගෙන්ම පුන්චි උදව්වක්….මෙ ලන්කාව නියොජනය කරන කෙටි චිත්‍රපටයක්.මගෙයි මගෙ යලුවෙකුගෙයි නිර්මානයක්.මෙකට ගිහින් බලන්න බැරි උනත් උදව්වක් කරන්න ලන්කාවෙ නම අවසාන පූර්ව තරගයෙ රදවන්න.යාලුවන්ටත් කියන්න :)

http://www.imaginecup.com/competitions/Digital%20Media/digital-media-view-and-vote?r=1424&p=1443&n=1230

Please Rate and Vote
Even if you cant watch it please rate and Vote
Share with your friends too
make Sri Lanka WIN

එක වසරෙදි….

අම්ම මගෙ අතින් අල්ලගෙන…ඉස්කොලෙ ගේට්ටුව ලගට ගියහම….
මගෙ අතින් අල්ලගෙන
“කො එන්න බබා අපි යමු”
කියල..පන්තියටම ඇරලෙව්වා
මට මතකයි…
ඒ දවස්වල අන්කල්ට..මම හරි බයයි….

පහ වසරෙදි….

ඉස්කොලේ වත්තෙ සෙල්ලන් කරනකොට…
බොලේ එලියට විසි උනහම…
“කො ඉන්න පුතා මම ගෙන්නම්”
කියල එලියට දුවනව…
මට මතකයි…
ඒ දවස්වල අන්කල් එක්ක අපි හරි යාලුයි…

දහය වසරෙදි…

කොලු කමට ගහ ගනිද්දි…
ගහගන්න අය දෙපැත්තට කරල…
“කො කො ළමයි ඇයි මේ”….
කියල කිව්වා..
මට මතකයි….
ඒ දවස්වල අන්කල් අපිට හරි කරදරයක්…

දහතුන වසරෙදි

ඉස්කොලෙ අන්තිම දවසෙ…
ඇහේ කදුලු පුරොගෙන….
“මහතෙලට බුදු සරනයි”…
කිව්වා…
මට මතකයි….
එදා දැනුනෙ අන්කල් ගැන හරි ආදරයක්….

අද..

ඊට දොලොස් වසකට පස්සෙ…
පොඩි එකා වඩාගෙන…හන්දියේ ඇවිදිනකොට…
කොහෙන්දො මතුවෙලා….
“අනේ පොඩි බබා මහත්ත‍යා වගේමයි”
කියල හිනැහුනා…

අද මට දැනුනෙ අන්කල් ගැන හරි අමුතු ලෙන්ගතුකමක්…!!!!!!