–“ලංකා මාතා”–

Posted: February 7, 2009 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

කොහොමද ජීවිතෙ?

මම මෙ තකහනියක්ම ලියන්න හිතුවෙ මෙ දවස් වල බොහොම කතා බහට ලක් වෙන දෙයක් ගෑන මගෙ අදහසත් ලියන්න. එ තමයි භාතිය සන්තුෂ් අලුතෙන් මේ ලස්සන රටට එකතු කරපු “ලංකා මාතා” කියන සින්දුව පිලිබදව එක එක මත පලවෙන්න පටන් අරන්.

මෙන්න “ලංකා මාතා” සින්දුව

මෙ සමහර මත හරිම පුදුමයි.සමහරු කියනව භතියලට අයිතියක් නෑහෑලු මෙ වගෙ සින්දුවක් කරන්න කියල,තවත් සමහරු කීයනව මෙ සින්දුවෙ ලංකා මාතා කියල තියෙන එක ජාතික ගීයට අගෞරවයක්ලු,තවත් සමහරු කියනවා අපිට කවදාවත් වෙන කෙනෙක් කරපු දෙයක් කොපි කරන්නෙ නෑතුව වෑඩක් කරන්න බෑහෑලු.

මෙහෙම negative මත අතර බොහොම දෙනෙක් කියන්නෙ මෙක බොහොම වෑදගත් ලස්සන එවගෙම කලීන සින්දුවක් කියල.එ වගෙම මෙක හදපු අය මෙ සින්දුව කිසිම මුදලක් අය නොකර සියලුම රූපවහිනි නාලික වලට ලබාදුන්න එක හොදයි කියලත් කට්ටිය කියනව.

මෙ මගෙ මතෙ.

මෙ සින්දුව මට නම් ලස්සනයි, ඒ වගෙම මෙ රූප ටික හදවතෙ යම් හෑගීමක් ඈති කරන්නෙ නෑ කියල් කිව්වොත් එක බොරුවක්.ඒ නිසා කවුරු කලත් මම මෙ සින්දුවට ආසයි.

ඒ උනාට  මෙ සින්දුව වෙන සින්දුවක් පදනම් කරගෙන හදල තියෙනව කියන එකනම් පිලි ගන්න වෙනවා

ඉන්දියවෙ ජාතිකාභිමානෙ ඔප් න0 වන්න හදපු “වන්දෙ මාතරම්”කියන සින්දුවෙ තාලෙත් රූප ටිකත් මෙ සින්දුවට බොහො දුරට සමනයි කියන එක රහසක් නෙමේනෙ.

කොහොම නමුත් මෙ ලස්සන රට ජාතිකභිමානයෙන් පිරිච්ච රටක් වෙන්න මෙකෙන් පුන්චි උදව්වවත් ලෑබෙවි කියල මට හිතෙනවා.
ඔයගොල්ලො හෑමොටමත් තම තමන්ගෙ අදහස් තියෙන බවත් මම දන්නව  ඒ වගෙම එවට මම මගෙ හිස නමල ගරු කරන බවත් කියන්න ඔනෙ

ගිහින් එනනම්

ගරුවා

මෙන්න “වන්දෙ මාතරම් ” සින්දුව

About these ads
Comments
  1. indranama says:

    භාතියල දක්ෂයො තමයි. ඒකෙ සැකයක් නෑ. මමත් මේ සිංදුව මුලින්ම ඇහුණ වෙලාවෙ හිතුවෙ ඒ.ආර්. රහ්මාන් ගෙ ‘වන්දේ මාතරම්’ ගීතයම සිංහලෙන් ගහලා කියලා. භාතියලා ලාවට වත් ඒ ගීතයේ melody එක නොගෙන අලුතෙන්ම දෙයක් කරානම් තමයි ගොඩක් වටින්නේ.
    එහෙම කරානම් මේ එක එක කතා අහගන්න වෙන්නේ නෑ නේ.

  2. චමිල says:

    මම කලින් කියපු දේම තමයි.

    මෙච්චර කල් හිටියේ ඇයි ජාතිකාභිමානය නංවන්න ගීයක් හදන්න? හරි. වන්දේ මාතරම් (ඒකේ තේරුම මොකද්ද දන්නේ නෑ නේද? – හික්…. මාතර කේස් එකක්ද දන්නේ නෑ) කොපි කරපු එක අයින් කරමුකෝ. මොකද ඉන්දියානු හෝ වෙනත් සින්දු වලින් එක එක දේවල් අරගෙන සිංහල ගීත හදපු එක මුලින්ම කලේ මේ අය නෙමෙයි.

    ඒ වුනාට මේක මේ දවස්වල වැඩියෙන්ම රසිකයන්ට අවශ්‍ය දේ දීලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන්න හරි ජනප්‍රියත්වය රැක ගන්න හරි කරපු වැඩක් වෙන්න බැරිද? මොකද මේ අය මේ වගේ සින්දුවක් හැදුවේ නැත්නම් මේ වගේ සින්දු හදන අනිත් අය ජනප්‍රිය වෙනවා. ඒක දැකලා තමයි මෙහෙම සින්දුවක් හදන්න ඔනේ කියල‍ා හිතෙන්නේ. කිසිම අය කිරීමක් නොකර නාලිකා වලට ලබා දීම ජාතික මෙහෙවරක් කියලා හඟවන්න කරපු දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම එහෙම කරන්න උවමනාව තිබ්බානම් කරන්නේ යුද්ධය අනිවාර්යයෙන් දිනන අවස්ථාවක, ජාතිකාභිමානය උච්චතම අවස්තාවට ඇවිත් තියෙන කොටද, නැත්නම් චිත්ත ධෛර්යය අන්තයටම පිරිහිලා හිටපු කාලෙද? Windows නිකන් හෝ සහන මිලට දීමත් මේ වගේම වැඩක් නෙමෙයිද?

    එතනින් තේරෙන්නේ මේක ඒගොල්ලන්ගේ තවත් publicity stunt එකක් මිසක් අපි ඉස්සර මෙයාලගෙන් බලාපොරොත්තු වෙච්ච වෙනස් දෙයක් නෙමෙයි කියන එක නේද?

  3. මාත් චමිල අයියත් එක්ක එකඟයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙච්ච කාලෙ අළුත් දේශාභිමානී ගීත ගයන්න හිටියෙ වෙරලියැද්ද වගේ කීප දෙනෙක් විතරයි. දැන් නම් වැහි වැහැලා දේශාභිමානි ගීත. ඩැඩීලත් කියනවා.මහ විහිළු ඒව නම්.කට්ටියම කල දුටු කල වල ඉහ ගැනීමයි කරන්නෙ.
    භාතිය සන්තුෂ් ගැන මගේ නම් කිසිම ප්‍රසාදයක් නෑ(මගේ පෞද්ගලික මතය).ඒ ගොල්ලො කවදාවත් අළුත් දෙයක් තමන්ගේ දෙයක් කරල නෑ.ඕනම් ගීතයක් ගත්තොත් එක්කෝ ගෙඩිය පිටින් කොහෙන් හරි කොපි කරපු එකක්.නැත්නම් කීපයක් අරගෙන කවලම් කරලා හදාපු සැලඩ් එකක්.සිරිසඝ බොධි මාලිගාවෙදි ප්‍රාණ හානි කර බැට දෙම් කියලා උඩ පැන පැන නටපු මිනිස්සුනේ.මගේ යාළුවෙක් හොඳ කතාවත් කිව්වා ඔකට. භාතිය සන්තුෂ් කලේ ඩෙනිමට උඩින් සරම ඇඳගෙන ඇවිත් සපත්තු දෙක පෙනි පෙනී නටන ගමන් කිව්වා අපි දේශීයයි කියල. සරම දිහා විතරක් බලන අය හිතනවා කතාව ඇත්ත. ඒත් සපත්තු දෙක දකින අය දන්නවා වෙන දේ.

    වෙන කෙනෙක්ගේ මතය වනෙස් වෙන්න පුළුවන් මේ මගේ මතය

  4. gayangarusinghe says:

    මම චමිලගෙ අදහසට ගරු කරනවා.ඒත් එකත් එක්ක එකග වෙන්නෙ නෑහෑ.

    එකග නොවෙන්න හෙතුව ඔබ කියල තියෙන කාරනා බොරු කියල මම හිතන නිසා නෙමේ.ඒත් මගෙ දෑක්මට අනුව ඔය කාරනාවෙන් සාමානයය රසිකයො සහ මෙ රටෙ ජනතාව වන අපිට විෂෙශ බලපෑඑමක් නෑහෑයි කියල මට හිතෙන නිසා.

    මෙ සින්දුව අතිවිෂෙශ සින්දුවකුත් නෙමේ.ඒත් කවද කරත් කවුරු කරත් හදවත ගෑස්සෙන මෙ රටෙ මිනිස්සුන්ට රසවිදින්න බෑරි සින්දුවකුත් නෙමේ.රස විදින්න බෑරි වෙන්නෙ කලා කෘතියට එපිට දෙවල් වල අපි අතරමන් උනොත්.

    ඒ නිසා මම හිතන්නෙ වානිජ පරමාර්ථ තිබුනත් කලා කෘතියෙ හොද හො නරක තමයි වෑදගත්.

    මෙ මගෙ මතෙ.
    :)

  5. චමිල says:

    සමාජයේ මොකක් හරි අමුතු දෙයක් එක දිගට සිද්ද වෙනවා නම් ඒක ටික කාලෙකින් අමුතු බවෙන් ඈත් වෙලා සාමාන්‍ය වෙනවා. මේ සිද්ද වෙන අමුතු දේවල් මොනවද, කුමන හේතුවකටද සිද්ද වෙන්නේ, සමාජයට ඒවාගෙන් වෙන බලපෑම හොඳද නරකද කියන කරුණු සලකා බලන එක වැදගත්. එහෙම පරීක්ෂාවක් නැතිවුනොත් ඒවා හොඳ වුනත් නරක වුනත් සාමාන්‍ය සිදුවීම් බවට පත්වුනාම සමාජයට වෙන බලපෑම පාලනය කරගන්න බැරි වෙනවා.
    උදාහරනයක් විදියට දැනට අපේ රටේ (මා දන්න තරමින්) නීති විරෝධී ගබ්සාව. ඒ සිදුවීම් මුලින්ම සිද්ද වෙද්දී ඒවාට හේතුව මොන වගේද, සමාජයට ඇත්තටම තියෙන බලපෑම මොකද්ද කියන එක සලකලා බැලුවේ නෑ නේද අපි? කිසිම වග විභාගයක් නැතුව ඒක පාපයක් කලා. දැන් අලුතින් ඒකට බනින්න පටන් අරන් සිංහල ජාතිය වඳකරනවා කියලා. ඒත් තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් හදන අම්මා කෙනෙක් ගේ දුක හරි, වෙන කෙනෙක්ගේ වැරැද්ද නිසා මුලු ජීවිතේම කාලකන්නි කර ගත යුතු පාසල් සිසුවියකගේ දුක ගැන හරි, නැත්නම් නීති විරෝධී ගබ්සා කරන තැන් වලට ගිහින් ජීවිතය නැතිවුන අයගේ දුක ගැන හරි හිතුවානම්, ගබ්සාව පිලිබඳ ආකල්පය ‍මේකට වැඩිය වෙනස් වෙයි. දැන් වෙලා තියෙන්නේ ගංගාරාමේ සිල් ගන්න පොහොසතුන්ට ධාර්මිකව ජීවත් වෙන්න දුප්පත්තු දුක් විඳින්න ඔනේ වෙලා තියෙන එකනේ.
    සමාජයේ අමුතු දේවල් විදියට පටන් අරගෙන සාමාන්‍ය දේවල් වෙලා හොඳ හා නරක බලපෑම් පාලනය කල නොහැකි පරිදි අපේ සමාජයට එල්ල වීම ට හේතුව අපි ඔහේ ඉන්න එක. ඕක කොල්ලන්ගේ හැටිනේ, ඕවා‍ ඔහොම තමයි යනුවෙන් කුසීත ලෙස ‍හොඳ හෝ නරක ලෙස සිදුවෙන හැම දෙයක් දිහාම බලන් ඉන්න එක හොඳද? ඒකන් අපේම සමාජය පිරිහිලා යයි නේද අපිට නොදැනීම?
    ඒකයි මම කියන්නේ රසවිඳීම ගැන පමනක් නොහිතා ‍මේ ගීතය ගැන හිතන්න ඔනේ කියන්නේ. මගේ අදහස් වැරදි හෝ හරි වෙන්න පුලුවන්. ඒත් ගීතයෙන් විශේෂ බලපෑමක් නෑ කියලා කරබාගෙන ඉන්න එක හොඳ නෑ කියලයි මම කියන්නේ.
    දැන් හැමෝම පිලිකුලෙන් කතා කරන සාම ගිවිසුම තිබ්බ කාලේ සාමය ගැන ගීත ගයපු ගායකයෝ සහ ගීත රචකයෝ දැන් රණකාමය, වීරත්වය ගැන ගීත හදන එක “නිකන් හරි නෑ වගේ” හිතෙන්නේ නැද්ද? මටනම් හිතෙන්නේ රැල්ල මිසක් යහපතක් ගැන නොහිතන සංගීත කලාවක් කියලා.

  6. gayangarusinghe says:

    මෙහෙමයි විෂෙශ බලපෑමක් නෑහෑ කියන එකෙන් මම අදහස් කලෙ ඔනෙ දෙයක් වෙච්ච දෙන් අපිත මොකො කියන එක නෙමේ.

    මම මගෙ අදහස දක්වන්නෙ කලා කෘති පිලිබදව.
    මම කියන්න උත්සහ ගන්නෙ යම් කල කෘතියක් සමාජ සාර ධර්ම වලට පටහෑනිනම් එක නිකන්ම සමාජය විසින් ප්රතික්ෂේප වෙනවා.හෑබයි අපි ඒ කලා කෘතිය දිහාවත් නොබල ඉන් එහා තියෙන වෙනත් නිර්නායක නිසා නිර්මානය ප්රතික්ෂෙප කරනවනම් ඒක බලවත් අසාධරනයක්
    නිර්මාණයක් කරන පුද්ගලඉන්ට එක් එක් ප්රමාර්ථ තියෙනවා.ඒක අපිට බොරු කරන්න බැරි ඇත්තක්.

    භාතිය සන්තුෂ් ගැන මම දකින ඇසින්නම් ඔවුන් හැම තිස්සෙම දෙශිය ස්ංගිතය අන්තර්ජාතික තලයට අරන් යන්න උත්සහ දරනවා.ඔවුන්ගෙ සින්දුවල standard් එක හොදයි කියල මම හිතන්නෙ.එකෙන් මම අදහස් කරන්නෙ නැහැ ඔව්න්ගෙ හැම දෙටම මම එකගයි කියල.
    .
    මම අදහස් දක්වන්නෙ ස්වදීනව එක් එක් කලාකෘතිය අනුව.අනික් දෙ තමයි හැම තිස්සෙම හොද දෙයක් කිරීමට අවසර තිබෙන්නෙ කලින් හොද දෙ කල අයට පමනද?(කලින් කෙනෙක් කරල තියෙන්නෙ හොදද නරකද කියන එක එක් එක් පුද්ගලයගෙ දැක්මට අනුව වෙනස් වෙනවනෙ )

    භාතියල publicity stunt එකක් ලෙස මෙක කරා කියල සිතෙන පමනින් මෙකෙන් ඇති වැඩැක් නැහැ කියන අර්ථය දෙන එක සාධාරණ නැහැ කියන එකයි මගෙ අදහස

  7. රුවිනි says:

    මාත් මේ සිංදුව නිදහස් දිනේ දවසේ රූපවාහිණියේ විකාශනය වෙනවා දැක්කා. මං නම් මේ අදහස් දක්වලා තියෙන අනිත් අය වගේ මහ දර්ශනිකයෙක් නොවෙන නිසාද මන්දා මට නම් මේ සිංදුව හරි ලස්සනට පෙනුනා, ඇහුනා.
    ‘වන්දේ මාතරම්’ ආභාෂය නම් තියෙනව තමයි. ඒත් හින්දි චිත්‍රපටියක ‘වන්දේ මාතරම්’ ඇහෙනකොට පර ජාතික මටත් දේශාභිමානය දැනිල තියෙනවා. ‘වන්දේ ලක් මෑණී’ කියලා මේ සිංදුව ඇහෙනකොට මේක කියන්නෙ භාතිය සහ සන්තුශ් ද, මේක පෙන්නන්නේ සල්ලි අරගෙනද නැද්ද, මේක කොපියක් ද නැද්ද කියන දේවල් මටනම් මතක් වුනේ වත් නෑ. මේ අපේ රට ගැන නේද කියන්නෙ කියලා හිතුනා විතරයි. එතකොට සිංදුවෙ තනුවත් එක්කම ඇඟ උණුසුම් කරවන දේශානුරාගී රස්නයක් දැනෙනව මටනම්.
    මම හිතන්නේ බහුතරයක් සාමන්‍ය මිනිස්සුන්ට මේ සින්දුව දැනෙන විදිය මට දැනෙන විදියට සමාන නම්, භාතිය සහ සන්තුශ්ව මේ සිංදුව වෙනුවෙන් අගය කල යුතුයි!

  8. Hasini says:

    What you say about B&S is something I am completely against. I have been listening to songs since I was very little. Of coz I had no choice because my father is a great radio fan. Maybe you were too young to remember just before B&S came into the picture songs that were being made have skunked to all time low. All the stuff was what we called ‘bus sindu’. B&S completely transform the music industry to a new level. Of coz it was made more market oriented, but the intense competition made the creators stand on their toes and do new experiments to remain in the industry. As we all learn high competition make the quality go up.

    The next point I like to make is that artists get inspiration from their environment. If environment is bubbling with Patriotism, of coz the artist will be thinking patriotism. Do you think Maxim Gorky would have even written ‘The Mother’ let alone make it a world wide hit if it wasn’t for its connection with Russian revolution? I am not comparing Gorky with B&S. don’t get me wrong they are worlds apart, but just wanna say that artist are social creatures and will react to their natural environment.
    And to all the people who talk about Indian copies let me remind you guys the “golden age” of Sri Lankan cinema. Every damn movie made was a copy of Indian Movie down to every last song. Let along that, one of the main ‘deshabimanee’ songs “ patu Adahas nam Pauren Lokaya” song by two of the most elite singers of our time is a poem of Tagore called ‘Freedom’.

    And chamila “abortion”???? Please let’s not even go there ok. As for sarama over your trousers, it is better than only the trouser culture we live in today. At least it has some local flavor than just the westernized trouser taste.

    I personally feel that this song is not that big of a creation. That is one opinion, when I saw the video what I thought was it must be cool to be as rich as B&S making such an expensive video and be casually distributing it for free. I wish I had that money. I would totally clean out Amazon.com with that kind of money. he he

  9. Hawa Marila says:

    u knw?? Sl Government has paid Rs.30million for BnS for dis song……

  10. චමිල says:

    @everyone

    http://roaringwolves.blogspot.com/2009/02/blog-post.html

    worth spending ur time over this. try to understand the monetized patriotism not from a relative point of view, but from outside the whole picture. don’t say that this thing is better than the other thing just because it “feels” patriotic. it might be designed to feel patriotic, but would be having totally different objectives.

  11. චමිල says:

    @hasini
    Of coz it was made more market oriented, but the intense competition made the creators stand on their toes and do new experiments to remain in the industry. As we all learn high competition make the quality go up.

    As we all experience now those experiments led to the rapid downfall of sri lankan music and has reached rock bottom these days. Newbie artists emerge, do a song or two(which can’t even stand a week of “competition”) and disappear. All the “new” stuff are just remixed versions of old songs. This remixing is also justified by putting up the most foolish argument. i.e. “taking the sri lankan music to the world”. Some of the old creators are also wrapped up in this frenzy, loosing their personality in the music “business”.
    No artist can create a sri lankan track these days without using the metallic junk these days. Its true that BnS’s entry to the field was somewhat revolutionary, but they quickly lost in the money game. Otherwise they wouldn’t have been dropped to a level where a foreign music has to copied to generate patriotism in the listener’s mind.
    So its obvious that competition is not what sri lankan music needs. It does not guarantee high quality.

    Every damn movie made was a copy of Indian Movie down to every last song

    And sadly you have mixed the golden era of the sri lankan cinema industry with its early era. We’ve had several great movies made in sri lanka that are original productions. They were not copies of indian movies. If you can remember නිධානය (Nidhanaya) , a 1972 film made it to the Venice Film Festival. Its only follower was Machan. There are many in this list which are NOT indian copies as you say. Gamperaliya, Viragaya, Sath Samudura, Dadayama, Rekhawa…. the list goes on and on. So please don’t insult our film industry saying it’s golden era contained indian copies.

    I went to the topic abortion to show how our people are used to look at things from one perspective only. We as sri lankans tend to ignore the most useful facts of something when judging it. We just go by the popular ideas. Thats all. Despite following a religion that says “question everything” we take everything in w/o questioning.

    As for sarama over your trousers, it is better than only the trouser culture we live in today. At least it has some local flavor than just the westernized trouser taste.

    Then you must be considering our MPs to be pretty local and patriotic because their favorite dress is the Sarama.

    @Ruvini
    ඒත් හින්දි චිත්‍රපටියක ‘වන්දේ මාතරම්’ ඇහෙනකොට පර ජාතික මටත් දේශාභිමානය දැනිල තියෙනවා

    I think you should read this.
    http://sanhindha.blogspot.com/2009/02/blog-post.html
    I’m not sure its patriotism you feel when you hear that indian song unless you can understand the words. you feel patriotic because of the images from the video or the from the film. If the video was not there and i didnt see vande maataram from the youtube i could have mistaken it for something else.

    මම හිතන්නේ බහුතරයක් සාමන්‍ය මිනිස්සුන්ට මේ සින්දුව දැනෙන විදිය මට දැනෙන විදියට සමාන නම්, භාතිය සහ සන්තුශ්ව මේ සිංදුව වෙනුවෙන් අගය කල යුතුයි
    sadly we have come to a situation like this where the song is evaluated not from its meaning delivered and its originality but from the beat or the popularity in a country where majority of the people listen to baila jokes and watch Mahagedara.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s