නෙතු හාදවී අදුරට..
නේක පැහැයෙන් දිලෙන එලියට…
තොල් හාදුවී රසයට….
තිබූ බොතල් පිරී රතුවට…
සිත හාදවී වදනට…
වැටී සියුමැලි නදින් සවනට…
ගත හාදවී පහසට…
නොකී කවුරුත් නොදත් රහසට…!
අන්ජනද…කොකුම් ගා
කෙදින නුදුටුව වෙසකට…
කසී සලු දුහුල් ඇද…
විනිවිද පෙනෙනෙ විලසට….
තාලයට අග පසග …
නලවමින් ගෙනෙන රසයට…
මත්වෙලා පියඹන…..
මොණරු හැංගෙයි….
ඉගිලෙන්ට තතනන….හංසයින් යට !