යාරා නිම්නයේ..කෙලවරක…
අනන්තය සිඹින…මිදි වත්තක…
තොලගානු දුටිමි..ඔබ….,
රක්ත පෑ මදු බදුනක්….
සගවමින් දෙඇස්….
ක්ෂිතිජයේ..විටින් විට…!
සියුමැලිද..ඒ දෙතොල් තවමත්..
රතුයි…තොල් සායම්..නැතුවත්..
ඇවිත් ඔබ..ලගින්..නවතින්න..හිතුවත්…
දැනුනා…
දුරයි….බෝම…අපේ හදවත්…!
ගාලු කොටුවේ..බැම්මක…
රළ…හැපි හැපී හඩන…ඉසව්වක…
බලා සිටිනවා..දුටිමි.. ඔබ…
ඉර ගලින් එහා..නොපෙනි..යනතුරු…
ඡායාව…නැව්..වල…
දීප්තිමත්ද…ඒ දෑස්…තවමත්…
පිරිලාද..කදුලු… කල්ප..කල්… ගෙවිලත්..
ඇවිත්..ඔබ ලගින්..වාඩි..වෙන්න හිතුනත්…
දැනුනා…
බොහෝ ..දුර ගිහින් මම…
බිදිලා..අපේ හදවත් !!