ටොරින්ටන් වල නාගහක් යට

නවත්තපු කලු බෙන්ස් එකේ

ගැහැණියක් අඬ අඬා හිටියා..

දැක්ක මම යන්තම් වගේ !

වැටුනු කොල විසිකරපු දේවල්

අහුල අහුලා ගිය වෙලේ..

තමයි දැක්කේ…අඬනවා ඇය..

හිටිය තවකෙක් කාරෙකේ !

ගිහින් ලගටම අහන්නත් බෑ..

වරද මගෙවෙයි අන්තිමේ..

ඒත් මට නම් බලාඉනු බෑ..

ගෑණියක් ඇය මා වගේ !

ඇතැම්ව්ට පොඩි දෙයක් වෙන්නැති

ආදරේ මදිවී වගේ..!

ඇතැම්විට ලොකු දෙයක් වෙන්නැති

ඕනෙ නෑ වගෙ ජීවිතේ !

විස්තරේ මම ගිහින් කිව්වම..

සුපවයිස තරහින් වගේ..

අනේ උඹ උඹෙ වැඩක් බලපන්.

උන් බේරගයි ඒ හබේ !

දවස් තුනකට විතර පස්සේ..

ඉරිද දවසක ගොම්මනේ..

කාර් එක යලි ඇවිත් තිබුනා..

ඒ නිසා විපරම් උනේ..

ඇසුන හැඬුමක සිහින් ශබ්දය

අදත් ඈ කඳුලින් වගේ..

ඇහේ කොනකින් හොරෙන් බැලුවා..

වෙන කෙනෙක් ඒ ඈ නෙමේ !

තැලූ කැකුලු මල් ඇත, උන් වත කැලලී..

පිපී සුවද දෙන මල්, බිගු වසගෙට ගනිතී..

පරවුනු මලක උණුසුම යන්නට පෙරදී..

ඒ මල සිඹින වියපත් බඹරෝද වෙතී..

කල් යල් බලා ඔච්චම් කරමින් කෙලිලොල්..

දැනගෙන නොදන්නා බව, තේරුම සරදම්..

පීදෙන කලදි වැටහෙන විට සිදුවූ කම්..

නොපෙනෙන කැලලි ඇත වත, දිවි තිබෙනා කල්..

ගෙන ආ බවට අකලට පරවූ කුසුමක්..

තොරතුරු රැගෙන, අතමිට ගුලිකොට පනමක්..

වියපත් කමට වසගෙට ගනු බැරි හැගුමක්..

විදගනු රිසින් රහසින් කරනා පැතුමක් !

යද්දි ගෙයින් ගෙට කුලියට

නැති උනා බොහෝ දේ මට

පුංචි ඇණ මුරිච්චි එහෙමත්..

කැඩුනු සෙල්ලම් බඩු.. ආදරෙන් රැකගත්

තෙරක් නැති මතකත් …

යාන්තම් හදාගත්…

එක මලක් පිපුණු..

රෝස පඳුරත්..

හදන්නට අපිට හෙවනක්..

තාත්තට හීනයක් තිබුනත්…

එකතු වී නෑලු තවමත්…

ඕනෑ තරමට මුදලක්…

මල්ලිටයි මටයි කාමර දෙකක්..

ලොක් එක අයිති ගේට්ටුවක්..

පිඩලි අල්ලපු මිදුලක්..

තිබුනා නම් කොච්චර හොඳඳ..

ඇවිදින් අම්මගේ ඇහැට කඳුලක්..

කෝච්චියෙ එල්ලිලා යද්දි . .

එක පෙලට පහු වෙච්ච…

තට්ටු ගෙදරක හිර වෙච්ච.

දුරද තව හීනෙ අපෙ

ගෙයක් හොඳ හැඩ වෙච්ච..!

යුරෝපයේ දුර රටක..

විසල් ගොඩනැගිලි අතර…

ඒත් ලිලී මල් පිපුනු..වීදියක…

පාරට මූණලා තිබුන…

ලී නොවන ලී වගෙම බංකුවක….

නිල්පාට අහස

සීත මදනලේ පහස

බොහෝ කල් රැකගෙන

සගවාගත් රහසඅ

හන්නට…

රඟන්නට…

හූමිටි තියන්නට…

කවුරුවත් ඒවිද..

ලගින් ඉදගෙන ඉන්නට..

සවස..!

සඳ නොදුටු…අමාවක..
පෝයවල් එකින් එක පසු කොට…
නැති නිසා අරමුනක්…
ඔහේ ඇවිද ගිය තවත් දවසක…

දැනුනා සුරගන තටු ගැටෙන හඩක්…මාවට
තබා එක සුරගන අතක්….මා වම් උරමත….

දුටුවාලු…ඈ…දිලිසුම…
මා නෙතින් වැටුනු..කදුලු බිඳුවක..
දැක්කාලු..රිදුම්…
සගවා සිටි…මා නෙතු යට…
දැනුනාලු කෙනෙක් අවැසියි…
මා සිතේ රැඳි දෑ ඇසුමට….
අවසරද..ඇසුවා සෙමෙන්…
මා ලගින් ඇවිද..යන්නට…

සුරගනක් උනත් ඔහේ පියබා යා හැකි…
ඇවිද ගෙන යමින් බොහෝ දුර..මා එක්ක..අරමුණක් නැති…
බෙදාගෙන් කඳුලු…අස්වසා මා සිතිවිලි…
ඇවිත් මංසන්ධියකට…නොදැනිම..ඔහේ ඇවිද්දා..දැන්..ඇති…

පියඹන්න ආයෙත්…කියූවා මම සගවලා මා සිතිවිලි…
“ඔබ එක්ක ඇවිදින්න ආසයි”…කියා ඒ මුවින් සියුමැලි…
“ලැබෙන තුරු නුබටත් තටු…දෙන්නටම පියාඹා යා හැකි”
“ඇවිදින්නම් මං ඔබ ලගින්” කියූවා නුඹ…
ඒ නුඹේ ආදරේ හැටි.

blog-tatoo

නිමක් නැති ආකාසෙ. .
බොහෝ දුර ගෙවා විත්..
මගෙ දෑස් මානයෙම
බිදෙන්නට හිතුනෙ ඇයි ?
 
සෙනසුරාදා සවසක..
බරදී…බැල්කනියෙ පුටුවක…
බලා ඉමි…මම…බිදී…යන හැටි…
නුඹ වගෙම…බොහෝ දුර..
ගෙවා ආ මගෙ…හීන..
 
නුඹ බිදෙන…ඉසව්වට..
ඉර එලිය වැටුනාම…
දේදුන්නෙ… නෙක..පාට…
මැවෙනවා…හැමදාම…
 
මගෙ හීන බිදෙන තැන…
ඝණ අදුර…මකන්නට..
හිරු එලිය..එක්ක නුඹ..
කවද හරි එනවාද…?
blog-tatoo
අතු පතර… පැටලි ගෙන…
මාර ගස්….පෙලෙහි… රීඩ් මාවතේ…
හමන සුළගේ සිසිල…
සගවගෙන තවමත්…
නුඹේ …ආදරේ !
තුරුලු වෙනකොට… ලගින්…
සොයා…. ඇය…උනුසුමක්..හීතලේ..
දැනුනෙ…නුඹෙ…හෙලා ගිය..
කදුලු වල…රස්නයයි…ආදරේ !
සොය සොයා.. තරු අතර…
සද නොමැති…දිනෙක…ආකහේ…
ඇය…සොයා දුන්නේත්…
නුඹ සෙවූ තරුවමයි..ආදරේ !
කවද හරි…ඈ එක්ක ඇවිදින්න
ඔබ සමග ඇවිද ගිය මාවතේ !
මකනවද ඔබ තැබූ පා සටහන්..
ආදරේ !
blog-tatoo

පල්ලියේ සීනු හඬ…
ඇසෙන මානේ තැනෙක..
නවතා මගේ හදවත..ගියා මම දුරෙක…!

විඳිනවා ඇති…ඇය..පහස….
උඳුවප් මහේ..සීතලේ…
ගයනවා ඇති ගීතිකා…මුදු හඬින්..
සෙනෙහෙ පා ලොව කෙරේ…
සිනහ තුටු වදන් මැද..
තරු දිලෙන…නත්තලේ මැදියමේ….
දන්නවා ඔබට…අමතකව නැතිබව…
මා බලා ඉන්න බව..
එනතුරා ඔබ…අවදියෙන් !

පුරා සඳ….නුබ..රගන
කඩුපුල් පිපුනු..එක් රෑක….
ඝන්ඨාර හඬ අතර….හැගෙනවා…මට නිතර…
එනතුරා…මම ..නැවත…..
බලා…ඉන්නා…බව..
ඔබ…තවම !

blog-tatoo

නුඹ දුටුව සිහිනේ තැනක..
මා සිටියාද..කියන්න..!
මා නොමැති බව..දැන දැනත්…
එය..වින්දාද කියන්න…!
අවදී වී එක වෙලාවක…
ඔබ…ලග නේද…බලන්න..!
දැනුනෙ නෑ මට…නුඹ ගිහින් බව…
සිහිනයක් නේද මේ….කියන්න ?

හැපි හැපී ගල් පරවල…රළ බිදෙන හැටි…බලන්න…
යන්න එනවාද ආයෙ සැරයක්….
පාලුයි නේද …කියන්න ?

ගැහි හැහී සීතලේ ගුලිවී…
මල් පිපෙන හැටි …බලන්න..
ගිහින් එමු නේද…ආයෙ සැරයක්….
එනවා නේද…කියන්න ?

blog-tatoo