දෑස් බැදි මිනිසුන්…
දුවයි..ඒ මේ අත…..
දෑත් බැදි ළදරුවන්….
විසල් පිට්ටනියක…..
රජුගේ අසරුවන්….
සෑදලය..නැති අසු මත……
පිම්මේ දුවයි….
කොච්චිය අල්ලන්නට….
මේ සියල් මැද…
හති අරිමු අපි…
වෙනකෙනු දිව දිනූ
තරගයකට….!
උනුහුමට ගැටෙයි..
දෙතොල් සීරුවෙන්…
මම නුඹ සිඹිමි…..
අතරමන්ව අතැගිලි ලූ ලූ අත…..
සිරුරත…
මම නුඹ….ස්පර්ෂ කරමි…..
වැසී අඩවන්ව …දෙනත්….
නුරා…මත් කොට….
වැසුනු…නෙත් මා…ඉදිරිපිට….
මම නුඹ….දකිමි….
හුයෙන් බැදි දහසකුත් බැදීම….
උඩ පහල යමින් මා මත….
අවැසිය…සිදිමි…..
මම නුඹව නොබැන්දෙමි…..!
[An alternative end to the poem,gives a complete diffrent meaning]
අමනාප විනිසුරන්
සනසමින්….
මම නුඹව නොබැන්දෙමි … !