Archive for July, 2016

දුටු දුටූ තැන..තොල් සිඹින නුවරුන්…
මත්ව ආලිංගන…මුලාවෙන්…
වැටි වැටී…ඇවිදින කෙනෙක් වෙත…
අත පා ..සියුම් සිනාවෙන්…

පෙති පෙතී…හැලෙන..මල් ගොමුවල..
මලක් ගෙන අතට…සමාවෙන්…
පෙනි පෙනී..නොපෙනි යන නුඹ…
සොයනවා..මම තාම පමාවෙන්…!

නිති නිතී…රිදෙනවා හදවත…
ලඟ නොමැති නුඹ… වියෝවෙන්….
සිටි සිටී ..කලෙක..මොණර සේ රණ….
රැගුම් පා ආල ..නුරාවෙන්..!

මැරි මැරී උපදි ..භව අතර අප..
සැරි සරන ..මුග්ධ …විලාසෙන්..
රිදි රිදී…ගමන…දුරයි ..බෝ ..තව…
මිදෙනකන්…සිහින..විලාසෙන්.. !

blog-tatoo