Archive for September, 2013

බොල් සුලන්..
ගිනි අරන්…
ගිනියමක් මහ බැද්දෙ..
පල් හොරුන් …
සිල් අරන්..
පින්කමක් ගම් මැද්දෙ..

සිදී සිල්පද…
විසුරුව දසත ..ලේ බිදු…
වදී පාරට..
පිසදමා අමන පිනි බිදු…
වැදී වදමට…
උතුරනා…පැසුනු…රා බිදු….
රකී යහමට….
නොවදිනා…නමුදු නරනිදු…..

කතිරයක් ඉල්ලගෙන..
ගෙට වදී නෙක සත්තු……
යුද්ධයක්..දිනන්නට…
සේනාව සිට ගත්තු….
මල් පහන් සුවද දුම්…
අතට ගත්..සිල්වත්තු
දිනනකන්…බොහොම හොද…
මැටි ඇමති මැති පුත්තු….!

Blog Tatoo