මල් සුවද පන්සලේ දස අතේ පැතිරුනා..
උදුවපේ අග දිනේ සිල් සුවද මතු උනා….
ලහිරු මොරා ඇවිත් බටහිරින් නොපෙනුනා..
ඇයත් පව්කාරියක්..ඇගේ දිනට එලි උනා…
අදත් තව දිනක් මිස කුමක්දො විසේසය..
පොඩි උන්ගේ බඩේ ගිනි හෙටත් මේ ලෙසේමය….
උන් කුසට රජ බොජුන් අහසකින් නො ඒමය…
හැකි දෙයයි කරන්නේ පාපයක් නොවේ මෙය…
නුරා නෙත් යොමාගෙන අඩ අදුරේ සැගවිලා…
යනෙන කවරෙක් නමුත් එදෙස ඒ යැයි කියා…
බඩගිනියි,පලක් නැහැ..හෙටත සොයමුයි කියා…
කෙලසමින් සිකපදේ..සමාවනු කිය කියා…
මොරමින් අදුරු රැය ..ඇයට සරදම් කලා…
පියරු තැවරූ වතේ..කදුලු රූටා ගියා…
ජනේරුව කිරි බතට…හාල් නොලැබෙයි කියා..
රෑ දොලහේ කනිසමත් ඔහේ ගෙවිලා ගියා…
දුරුතු සීතල කෙමෙන් ඇගේ ගතට ලන් වෙලා..
පොඩි එවුන් ලී මැසිසේ එකිනෙකා..ගුලිවෙලා…
බොතලේ කට තියන් “මිනිහ” නින්දට වෙලා…
ඇයට පිහිටක් නොවී රැයම ගෙවිලා ගියා….
ජනේරුව..ජනේලය කවුලුවෙන් බල බලා….
තවත් වසරක් අරන් ..සෙනෙහසින් හිනැහුනා….
ඇය ඇවිත් හෙමිහිටම..ලී මැස්සෙ ඇල උනා…!!!!!