Archive for September, 2009

ඉතින් කොහොමද?

ඔන්න මම ආයෙත් ආවා A9 දිගෙ ගියපු තව සැතපුම් කීපයක් ගැන ලියන්න.

මෙවර ගමනෙදි අපිට රූපගතකිරීම ආරම්භ කරන්න තිබ්බෙ කිලිනොච්චි සීමවෙන්.නමුත් අවාසනාවකට චැනල් 4 සිද්දිය නිසා අපට අවසර ලැබුනෙ ටිකක් පරක්කු වෙලා.නමුත් අවසර ලද සැනින් අපි කිලිනොච්චි නගරයත ඇතුලුවෙන ස්ථානයෙ සිට රූපගත කිරීම පටන් ගත්තා.

කිලිනොච්චිය දැනටනම් මල නගරයක්.සිටිනා එක ජීවය තමා වීරොධාර හමුදා සාමාජිකයින්.ගොඩනැගිලි එහෙම සියල්ලම පාහෙ විනාෂ වෙලා.දරුණු යුද්ධයක් පැවති පලාත ඉතින් එහෙම නොවී තියෙවියැ

කිලිනොච්චියෙ අපි ගිය වැදගත් තැන් අතර , කිලිනොච්චි රොහල , පැරණි තැපැල් මධ්‍යස්ථානය, කොටින් විනාෂ කල දැවැන්ත වතුර ටැන්කිය , කොටි සාම මහ ලෙකම් කාර්යාලය , තමින් සෙල්වම්ගෙ කාර්යාලය සහ තමිල් සෙල්වම් මිය ගිය ස්තානය මූලිකයි.අපි දවස් දෙකක්ම රැය පහන් කලේ සාම කතා අවදියෙදි නිමකර නව කිලිනොච්චි රොහලේ.

මීලගට අපි ගමන් ගත්තෙ A9 මාර්ගයෙන් තරමක් එපිටින් පිහිටි මල්ලාවි සහ තුනුක්කායි ප්‍රදෙෂවලට.A9 මාර්ගයෙ සිට කිලො මිටර් 20 ක් පමන නැගෙනහිරින් පිහිටි මල්ලාවිය ඇත්තටම ලස්සන පලාතක්.මල්ලාවිය තමයි LTTE නායක ප්‍රභාකරන්ගෙ බිරිද වන මදි වදනිගෙ උපන් ගම.ඇයගෙ මහ ගෙදර ලෙස සැලකෙන ස්ථානයටත් අපි ගමන් ගත්තා.

ඒ වගෙම තමයි LTTE බොහො මහ විරු සමරු දෙෂණ පවත්වල තිබෙන්නෙ මෙ මල්ලාවියෙ තිබෙන විෂාල පිට්ටනියක කියල විෂ්වාස කරන්න පුලුවන්.

මල්ලාවිය ලස්සන වෙන්න ප්‍රධානම හෙතුවක් තමා එහි තිබෙන විෂාල වාරි ව්‍යාප්‍රතීන්.මේවා අතර ප්‍රධානම වැවක් තමයි වව්නිකුලම් වැව.එ වගෙම මල්ලාවි වැව, තුනුක්කායි වැව සහ තවත් අවෂෙෂ වැව් කීපයකුත් තියෙනවා.

ඇතමුන් පවසන පරිදි මල්ලාවි කියන නම මෙම පෙදෙසත ලැබිල තියෙන්නෙ “මල් අවිය” කියන සින්හල යෙදුමෙන්.එ අසලම තිබෙන තුනුක්කාඉ නම ලැබිල තියෙන්නෙ “දුනු කෑ වැව” කියන යෙදුමෙන් කියලත් කියනවා.

මවර ගමනෙදි අපට උදව් කල කර්නල් මැග්නස් , මෙජර් නිලන්ත ඇතුලු සියලුම හමුදා නිලයන්ට බොහොම පින්.

අනිත් කාරනෙ තමයි A9 වැඩසටහන විකාෂය වෙන්න පටන් ගත්තා.ගිය සති දෙකේම අගහරුවාද තමයි මෙය විකාෂය උනෙ.ඒත් ලබන සතියෙ සිට මෙය සදුදා රාත්‍රි 9.05 ට තමයි විකාෂය වෙන්නෙ.

හැමොම බලන්න හොදේ

ගිහින් එන්නම්

ගරුවා

ඔන්න මම මුනු පොතෙ තිබුන මගෙ පින්තූර එකතුවෙ ලින්ක් එක මෙතන දැමමා.මේ කලෙ හමොටම මුනු පොතක් තියෙන නිසාත් මගෙ පින්තූර හැමොටම බලන්න පුලුවන් නිසාත් එහම හොදයි කියල හිතුනා:)

http://www.facebook.com/GayanGarusinghe?v=photos&ref=profile#!/album.php?page=1&aid=138501&id=535271803