Archive for April, 2010

කොහොමද?

කාලයක් තිස්සෙ A9 ගැන ලිය ලිය හිටපු නිසා අද මම ලියන්නම් මෙ දවස්වල මම කරන ප්‍රධානම වැඩේ ගැන.
ඒ තමා මගෙ අවසාන වසර research project එක ගැන.
මායි මගෙ තව යලුවො 3 දෙනෙකුයි එකතු වෙලාතමයි මෙ ව්‍යප්‍රතිය කරන්නෙ,

තොරතුරු තාක්ෂණය කියන දෙ ගැන කිව්ව්ම බොහො දෙනෙක්ට හිතෙන්නෙ බොහොම පරිසර හිතකාමී කර්මාන්තයක් කියල නෙද?ඔයලත් එහෙම හිතන් ඉන්නව ඇති.ඒ අතරෙ අනිවාර්යෙන්ම ඔයාල අතර ඇති මම මෙ කියන්න යන දෙ ගැන බොහොම හොදින් දන්න එ වගෙම ඒ ගැන උනන්දු කට්ටිය.

ඒ තමා පරිසර හිතකාමී තොරතුරු තාක්ෂන භාවිතය කියන දේ.මේක ලොකෙ මෙ දවස්වල බොහොම වෙගයෙන් ජනප්‍රිය වෙන ඒ වගෙම විෂාල පරීක්ෂන සහ අත් හදා බැලීම කරන බොහොම විෂල වපසරියක තොරතුරු අවෂ‍ය කොටසක්.

මෙ විෂය පතය සාමාන්යෙන් හදුන්වන්නෙ GREEN IT කියන නමින් අන්තර්ජාලයෙ GREEN IT කියල සෙවුමක් කරල බැලුවොත් බොහො තොරතුරු හොයාගන්න පුලුවන්.

ඉතින් අපෙ ව්‍යාපෘතිය තමා ලන්කාවෙ තිබෙන තොරතුරු තාක්ෂන ආයතන වල පරිසර හිතකාමී භාවය සොයා බැලීම සහ එමගින් පරිසර හිතකාමී තොරතුරු තාක්ෂණ භාවිතාවක් සදහා අවෂ්‍ය ක්‍රියා රාමුවක් ගොඩ නැගීම.
මෙක මෙ කියන තරම් ලෙහෙසි වගෙම සරල දෙයක් නොවන බව ඔබට පැහැදිලි ඇතිනෙ.

ඉතින් මෙකෙ මුල්ම පියවර තමා ඇත්තටම දැනට යම් කර්මාන්තයක එහෙම නැත්නම් ආයතනයක පරිසර හිතකාමී භාවය මනින ක්‍රමය කුමක්ද කියල හොයල බලන එක.මෙහෙම තියෙන ක්‍රම ගැන සොයල බලත්දි අපිට හමුවන ප්‍රධානතම දෙයක් තම්ම 1997 සම්මත කරගත් කියොටො ප්‍රතිපත්තිය.(Kyoto Protocol).මේක අනුව ලොකෙ තියෙන කර්මාන්තවල පරිසර හිතකාමීත්වය මනින මිම්මක් තමා Carbon Foot printing කියල කියන්නෙ.කාර්බන් වෙලදාම කියන දෙය අද ලොකෙ බොහොම ප්‍රචලිතයි.නමුත් ලන්කාව වගෙ දියුනු වෙමින් පවතින රටවල් වෙනුවෙන් කාර්බන් වෙලදාමෙ තියෙන කොටස වන Clean Development Mechanism (CMD)කියන එක තවම හරි හෑටි ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

නමුත් ලන්කවෙ පරිසර අමාත්‍යශය බොහො පියවර අරන් තියෙනව මෙකට ක්‍රියාකාරීව සහභාගී වෙන්න.

අපේ මුල්ම ඉලක්කය උනෙ ඇත්තටම තොරතුරු තාක්ෂණ කර්මාන්තය පරිසර හිතකාමීද නැද්ද යන එක හොයල බලන එක.මෙක ගැන සොයද්දි අපිට බොහො තොරතුරු හමු උනා ඇත්තටම මේ කර්මාන්තය බොහො සෙයින් පරිසරය දූශනය කරන දෙයක් බව සනාත කරන්න.එක සාක්ෂියක් කිව්වොත් ඇමරිකානු ගාර්ට්නර් වාර්තාවක් අනුව ලොකයෙ සිදුවන කාර්බන් විමොචනයෙන් 2% සිදුවන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය නිසාලු.
මෙ ගනන හරියටම ගුවන් සේවා කර්මාන්තයට සමානලු.ගුවන් සේවා කර්මාන්තයෙනම් අපිට ගුවන් යානා වලින් පිටවෙන දුම අඩුම ගනනෙ පෙනවනෙ.නමුත් අපි භාවිතා කරන පරිගණකයක් පිටි පස්සෙන් දුම යනව අපි දැකල නැහැනෙ.ඒ නිසාම තමා අපි අපේ ව්‍යාපෘතියෙදි තොරතුරු තාක්ෂන කර්මාන්තය නිසා සිදුවන කාර්බන් විමොචනයට “නොපෙනෙන දුම”(Invisible Smoke) කියල නම දුන්නෙ.ඒ අනුව අපෙ ඊලග අරමුන තමා මේ නොපෙනෙන දුම ගනනය කරන්නෙ කොහොමද කියන එක.

මෙ ගනනය කිරීම ගැන ගොඩක් දෙවල් විස්තර සහිතව ඊලග සටහනෙන් ලියන්නම්.

ගිහින් එන්නම්
ගරුවා