Archive for April, 2013

වැසුවෙමි..තේ කොප්පය
පොතකින්…
උණුසුම කැකැරෙන බව දැන දැන…..
පොත යට……

වසාගතිමි..දෙනෙත..
දෙ අතින්…
සිතිවිලි කැකැරෙන්නට..ඉඩ හැර…
හිත යට….

අසා ඉමි හැඩුමන්…
දෙකනින්…
කදුලු ගලා යන්නට ඉඩ හැර
සයුරට….

නැගී සිටියෙමි..
දෙපයින්….
ඔනෙ නෑ…තව කෙනෙක් මගෙ
යහනට…….!

Blog Tatoo