Archive for August, 2009

කොහොමද?

මසෙකට විතර පස්සෙ තමයි අයෙත් යමක් ලියන්න පුලුවන් උනෙ.A9 පාර දිගෙ අයෙත් වතාවක් ගිහින් ආවට ගිය සතිය පුරවටම කැම්පස් එකෙ වැඩ වගයක් තිබුනු නිසා ලියන්න බැරි උනා.
එහෙනම් මම මෙ පාර A9 එක දිගෙ ගිය ගමන ගැන ලියන්න පටන් ගන්නම්.

මෙ පාර අපි ගමන පටන් ගත්තෙ අගොස්තු 19 වෙනිදා.අපි තාන්ඩිකුලමට ලන් වෙනකොට ගොඩක් සවස් වෙලා තිබූ නිසා තාන්ඩිකුලමෙන් එහාට යන්නට අපට අවසර ලැබුනෙ නැහැ.ඒ අපේ ආරක්ෂාව වෙනුවෙන්ම‍යි.
ඊලග දවසෙ අපි වව්නියාවෙ අපට මග හැරුනු තැන් කීපයක් රූපගත කලා.ඒ අතරින් ගියවර ගමනෙදි ආසන්නයටම ගොස් රූපගත කරගන්නට නොහැකි උනු එරුපොතාන් නන්දිමිත්රු යොධයාගෙ ගල්ලෙන ඉතා වැදගත්.මෙම ගල්ලෙන ඇත්තටම විෂ්මය ජනකයි.විෂ්මයජනක වගෙම පසුගිය කාලයෙදි LTTE විසින් මෙමෙ ස්ථානයෙ සිට බොහොම ජයට අපේ හමුදාවන්ට පහරදීල තිබෙන බව ගල් කුල පුරා විසිරිලා තිබෙන පතොරම් වලින් පැහැදිලි වෙනවා.
වව්නියාවෙ අපි ගමන් ගත් තවන් වැදගත් තැන් තමයි පිරප්පන්මඩුව ප්රුදෙෂයෙ කනක්කයාගම වැව.මෙම ප්රනදෙෂයෙ ජනතාව 1992 දි ගම අතැරල ගිහින්.දැන් නැවත පදින්ච්කිරීම කරන්නට කලියෙන් මෙම වැව පිලිසකර කිරීම ලහි ලහියෙ සිදු වෙනවා.මෙම සම්පුර්න ගමනෙදි අපට ආරක්ෂාව සමග මග පෙන්වීම් කල 56 සෙනාන්කයෙ ප්ර ධානී බ්රිෙගෙඩිය නාපාගොඩ සහ අනෙකුත් ඉහල පහල හමුදා නිලදාරීන් සියල්ලව බොහොමත් ආදරයෙන් මතක් කල යුතුයි.
ඉන් පසුව අපි ඔමන්තෙ පොලිසිය සහ ඔමන්තෙ ඇතුල්වීම් පිටවීම් දොරටුව රූපගත කලා.මෙතැනදී අපට A9 මාර්ගය ඔස්සෙ අලුතින් සාමන්ය ජනතාව ප්ර වාහනය කරන බස් රථ 10 ය හමු උනා.මින් බස් දෙකක් සුඛොපබොග්යි.අනෙත්වා සාමන්ය් බස් රථ.කෙසෙ උනත් මෙම බස්වල ගමන් ගත් බොහො මගීන්ගෙ මුහුනුවල තිබුනෙ සැහැල්ලු බවක්.
දැනට මෙම මුරපොල හරහා දවසට ලොරි 40 ත් 60 ත් අතර ප්ර්මානයක් අත්යමවෂය ආහාර සහ භාණඩ රැගෙන යාපනයට ගමන් කරනවා.යාපනයෙන් මේවා අල ලූනු මිදි වැනි දෙ එකතුකරගෙන නැවතත් කොලඹට එනවා.මෙම ලොරි වගෙම අනෙකුත් වාහනත් පූර්න පරීක්ෂවකින් පසු තමයි මෙතැනින් පිටත් කරන්නෙ .ඒ නිසාම ඔමන්තෙ මුරපොල අතිෂය කාර්ය බහුල ස්ථානයක්.
ඔමන්තෙ මුරපොල තුල සියල්ල අධීක්ෂනය කරනා අතරතුර අපට බොහො සහයක් දුන් කපිතාන් ලහිරුට ස්තුතියි කියන්න ඔනෙ.
ඔමන්තෙන් ඉදිරියට ගිය අපි කෙලින්ම පුලුයන් කුලම , කනගරයම්මන්කුලම සහ මාන්කුලම පසු කරමින් කෙලින්ම ඉරණමඩු ජලාෂය ලගට ගියා.ඉරණමඩු ඇත්තටම විෂල ජලාෂයක්.දිගින් කිලො මිටර 9ක් සහ පලලින් කිලො මිටර 4 ක් පමන වන මෙම වැව අසලම කොටින්ගෙ කුඩා ගුවන් පතයක් සහ මරාගෙන මැරෙන කොටින් පුහුනු කළ ස්ථානයක් පිහිටා තිබෙනවා.කොටින්ගෙ හදවත බදු වූ ඉරනමඩු වැවෙ බොට්ටුවකින් ගමන් කිරීමට ලැබීමත් දවස් දෙකක්ම මෙහි නාන්නට ලැබීමත් කලාතුරකින් ලැබෙන වාසනාවක්.
මීලග දවස් දෙකම අපිට ආරක්ෂාව සහ මග පෙන්වීම කලෙ ලුතිනන් කර්නල් ගුනසොම සහ ඔහුගෙ සෙනාන්කයන් විසින්.

අපි මුලින්ම නැවතත් මන්කුලම මන්සන්ධිය සහ අවට රූපගත කිරීම සිදු කලා.මාන්කුලම වල කොටින්ගෙ ප්ර ධාන පොලිසියක් පිහිටා තිබූ ස්ථානයක්.හරියටම නුවර ඉදන් 222 වෙනි කිලො මිටර කනුව පිහිටල තියෙන්නෙ මන්කුලම් වල.
මීලගට අපි ගමන් ගත්තෙ පැරණි නුවර පාර ලෙස හැදින්වෙන මාර්ගයෙ.මෙම මාර්ගය කනගරායම් කුලම් මන් සන්දියෙන් ඇ9 පාරට සමාන්තරව උතුරට විහිදෙනවා.මෙම මාර්ගය තමඉ කොටින් විසින් ඔවුන්ගෙ ප්රිධාන මාර්ගය ලෙස භාවිතාකරල තියෙන්නෙ.මෙම මාර්ගයෙ උතුරට ගමන් කරන කොට තමයි කොටින්ගෙ ප්ර්ධානතම ගුවන් පතය වන ඉරනමඩු ගුවන් පතය හමුවෙන්නෙ.
මෙය නම් සැබැවින්ම දැවැන්ත ගුවන් පතයක්.දිගින් කිලො මිටර දෙකක් පමන වන මෙය කොටි පලා යද්දී විනාෂකර තිබෙන්නෙ අපෙ හමුදාවන්ට පාවිච්චිකල නොහැකි ලෙස.
ගුවන් පතය නැරඹුවායින් පසුව අපි අම්පකාමන් ප්රහදෙෂයට ගමන් ගත්තෙ ඒ දෙසින් සොය ගත් පැරණි බුදු පිලිමයක සහ ගොඩ නැගිල්ලක නටඹුන් දැකගන්නට.මුලතිව් කැලයෙ කොටි පුහුණු කදවුරක් අසල පිහිටි මෙම පිලිමය යුධ හමුදාව විසින් දැන් හොදින් සකසා ගත් බිම් කඩෙක තැන්පත් කර තිබෙනවා.
එදා දවස මෙ වැඩ ටිකත් එක්කම නිමා උනා.මීලග දවසෙ අපි වැඩ ආරම්භ කලෙ මාන්කුලම් වල තිබෙන “පනික්කම්කුලම්” කියන තැනින්.මෙම ස්ථානයෙ කොටි පාලනය යටතෙ පැවති ගම්මානයක නටඹුන් දැක බලගන්නට පුලුවන්.කොටි ඉස්කොලයක් කොවිලක් සහ සාමන්යන ජනතාව සිටි ගෙවල් බොහොමයකුත් බලාගන්නට පුලුවන්.කොටි ඉස්කොලෙ බිත්තියෙ සිහින ඊලාම් දෙශයෙ සිතියමකුත් ඇදල තිබ්බා.
මීලගට අපි කොටින්ගෙ තවත් ගුවන් පතයක් බලන්නට ගියා.මෙය ගුවන් හමුදාව නොමග යැවීම සදහා නිර්මාණය කල එකක බව තමා එහිදි හමු උනු හමුදා නිලධාරීන් අපට කීවෙ.
A9 මාර්ගයෙ උතුරත් දකුනත් ඉතා ඈතට යන තෙක්ම පෙනෙන්නා පරිදි නිර්මාණය කල නිර්රයක්ෂණ කුටියක් සහ කොටි කාන්තාවන් භාවිතාකල කදවුරු සන්කීර්නයක් අපට හමු උනා.මෙම කදවුරු සන්කීර්ණය හරහා කිලො මිටර 5ක් පමණ කැලය තුලට ගිය විට අපට “මුරුකන්ඩි” ප්රීදෙෂයෙ යාල් දේවිය 1985 දී පුපුරුවා හැරි ස්ථානය හමු උනා.තවමත් එම දුම් රිය කොටස් මෙම ස්ථානයෙ දකින්නට පුලුවන්.
මෙයින් පසු අපි ගමන් ගත්තෙ A9 මාර්ගය ආසන්නයෙම 243 වෙනි කිලො මිටර කනුව අසල පිහිටි “තිරු මුරුක්කන්දි” කොවිල රූපගත කරන්නට.මෙම කොවිල ඈත අතීතයෙ සිටම දමිල ජනතාවගෙ භක්තිය දිනාගත් කොවිලක්.
මම ගමනෙදි අවසාන වෂයෙන් අපට රූපගත කරන්නට හමු උනෙ “අක්කරායම් කුලම්” වැව.මෙය කිලිනොච්චියෙ තිබෙන වැව් අතරින් තවත් විෂාල වැවක්.මෙම වැවෙ බැම්ම උඩ පතොරොම් කොපු දහස් ගනනක් දකින්නට පුලුවන්.
මෙ සියල්ල රුපගත කරගෙන අපි 24 වෙනිදා නැවතත් කොළඹ බලා පිටත් උනා.
මෙවර ගමන පුරාවටම අපට උදව් උපකාර කල හමුදාවෙ හැමොටම බොහොම ස්තුතියි.
තව සති කීපයකින් නැවතන් A9 මාර්ගයෙ යන්න හිතන් ඉන්නවා.ගිහින් ආවම තව තොරතුරු කියන්නම්.

ගිහින් එන්නම්

ගරුවා