Archive for December, 2010

රල පෙරැලී එන..මහ සමුදුර මැද…
තනිවෙලා..
යන එන පාර …නොදැන..
හඩනා කළ…
“ඔරායන්’
පාර කිව්වා මට…..

ඒ ලෙසටම…
හසරක් නොදැන..ගෙන්දගම් පොලොවේ….
අතරමන්ව…
මං සොයනා කළ…..
අහසේ ඔරායන් ලෙසම හිදගෙන…
පාර කිව්වා නුඹ…………..

වැරදි අතකට…

පසුවයි වැටහුනේ…
ගෙන්දගම් පොලවේ..
නුඹත් තවත් එක්….
දඩයක්කරුවෙක් පමන බව…..!!!!