Archive for June, 2011

දහස් ගනනින් සියුමැලි දෑත්…
නුඹෙ දෑතෙ පැටලී ඇති බව දනිමි….
ඒත් මම ආසයි…
ඒදෑතෙ එල්ලී ඇවිදින්නට……

සියක් මොලකැටි දෙතොල්….
නුඹ දෙතොල විද ඇති බව දනිමි…
ඒත් මම ආදරෙයි….
ඒ දෙතොල් ආයෙ විදගන්නට…

පදම් වූ මදුවිත දෙතොල්…
දුම් ගුලි කරකවා පිඹිනා විට….
මම ආසයි….
ඒ දිහා බලා හිනැහෙන්නට…..

සුවද..පුසුඹින් නැහැව ගිය…
නිරුවත් නුඹේ උඩුකය….
හිස තබා ගෙන සිටිමි….
කෙහෙරැල් අතර….ඇගිලි තුඩු…
සගවනා තෙක් ආදරෙන් …..

හිරු මුවා වෙන කල…..
හෙටට…
මා නැතත්..මේ වගෙම….
නුඹ සිටින බව ..දනිමි….

නමුත් නුඹෙ ..ආදරේ….
මා ලගම බව සිතමි…..

අයෙමත් මා එක්ක…ඉන්න එනකම්….

ආදරෙන් බලා ඉන්නම්….