Archive for November, 2010

මමත් කාලෙකින් නෙ බ්ලොග් එක කියෙව්වෙ.කියවගෙන යනකොට මට හම්බ උනා මම මුලින්ම බ්ලොග් එකට ලියපු කවිය.මට හිතෙන විදිහට හුග දෙනෙක් මේක කියොල නැතුව ඇති.ඒ නිසාම මම ආයේ ඔන්න ඒ කවිය දැම්ම හැමෝටම කියවන්න.

නොහැකි මුත්…
ඔබට සමු දෙන්නට…..
නුඹ මට සමු දුන් නිසාවෙන්….
සමුගෙන යායුතුව ඇත….

නුඹ මගේ සුලැගිල්ල ….
දෝතින්ම බදාගෙන…..
මුතු සිහින් පොද වැටෙන …..
නිසොල්මන් වෙලාවක…
ඒ පුන්චි කුඩේ යට….
සෙනෙහසින් වෙලී ගිය….
ආදරය මාවතේ….
තැබූ මුදු පිය සටහන්…..
මැකී ගියෙහිද???
මකා දැමුවෙද???
නොදනිම්!!!!!

දිනක් මහ බරනැසේ….
පන්සලක මිදුලකට….
රනින් කල පිඟානක්….වැටිනි අහසින්…..
කුරුටු ගෑ වදන් විය…පිඟානේ මෙලෙසින්…

“වැඩියෙන්ම ආදරය කරන්නාට..ස්වර්ගයෙන් තිලිනයකි”

මෙය දුටු පූජක තෙමේ කීවේ…
“සෑම දින රෑ මැදියමේ…එකතුවනු මැන මිදුලට….
මේ කසුන් තැටියට..උරුමකම් සොයන්නන්….
අසන්නෙමු අපි…ඔබ කලාවූ…..
සත් පුරුෂ යුතුකම්…”
මෙපුවත පැතිරී ගියේ..අලු වේගයට වැඩියෙන්…
සෑම සිව් කොනෙකින්..පැමිනියේ මෙලෙසින්…
කසුන් තැටියට උරුම කම් කියන්නන්….
ශුද්ධ වූ මිනිසුන්,වියත්,සිහසුන් දැරූ උතුමන්…
පැමිණ රැස්වී කියන්නට විය….තමා කල ගුණ ගරුකම්…

ගයන අතරේ තමාගේ ගුණ..උතුම් විනිසුරු මඩුල්ලක් විය…
සාවධානව අසාගෙන…..
“වසරක් ගෙවිනි නොදැනිම”

අසා හිද බොහො කුහුලින් මෙතෙක් කල්…
තීරණයකට එලඹින…..

ලැබිය යුත්තා රනින් කල පිගාන..
ධනවතෙකි…..දුගියන්ට දන් දෙන….
වෙව්ලමින් සතොසින්..ධනවතා…
දෑත් දිගු කොට පිඟානට….තැබූ සැනෙකින්…
ඇගිලි තුඩ…
අහො!!! පුදුමයකි….
රත්රින් වීය..ඊයම් පිගානක්…
බියවී බොහො සෙයින්…
වැටින පිඟාන මිහි මත…
තව තවත් පුදුමයකි….දිලෙන්නට විය තවත් රන් පැහැයෙන්…
තවත් දින තිහේ දුසිමක් ගෙවිනි……
උරුම කරුවන් සොයන්නට….
තෙවරක්ම පිදිනි පිගාන..ප්ර.තික්ෂේප විය ස්වර්ගයෙන්…

මේ සියල් අහු අස්සේ..දහස් ගනනින් දුගියන්..
එකතුවිය පන්සල් මිදුලට…සිතමින්….
කසුන් තැටියට උරුම කම් කියන්නන්…
දන් දේවියැයි තමන්හට…උරුමය තහවුරු කරන්නට…..

අරමුණ දුගියන්ගෙ ඉටුවිය…රත්රහන් කාසි වැසි පතිත විය….දිග හැරුනු දෑතින්…
නමුත් එක මුහුනකවත්..අනුකම්පාවක් නොවීය….
තරහව මිස දුගියන් කෙරෙහි….

“පලක් නොවිනි කිසි දෙයකින්”

දිනක්…
කිසිවක් නොදත්…අඳ ගොවියෙක්…
පැමිනියේ පන්සල් මිදුලට…..
කම්පා වී තදින්…වැලපෙන දුගියන් දැක…
මෙසේ කීවේය…කිහිලිකරු ඇති දුගියෙකුට….
“දෙවියන් හොදයි..ඉවසන්න එඩිතරව…සහොදරයිනි”
කියමින් මෙසේ ඔහු ගියේ පන්සල් මිදුලට…
දැක එහි රැස්ව සිටි ජනකාය..පුදුම වී……
යන්නට සැරසුනු කල…
රත්රටන් පිගාන අතැති වූ පූජක තෙමේ…
අඩ ගැසීය ගොවියාට….

“ගනු මැන මෙය”

නිදනිමින් කිසිවක්….අවනතව පූජක අනට…
ගත් සැනින් අතට..රත්රවන් පිගාන…

තව තවත් දිලිසිනි දෙතුන් ගුණයක්….

සතුටු වූ පූජක තෙම කීවේ…
“පුත..සතුටුවන්න..වැඩියෙන්ම ආදරය කරන්නා..ඔබය”
“මේ ඔබට ස්වර්ගයෙන් තිලිනයකි”

අන් සියල්ලො දුකින් විසිරිනි…ගොවියා තුටින් යැදිදේය දෙවියන්!!!!

Leight Hunt කවියාගේ “The golden Plate” කාව්යු ඇසුරිනි.


ගරුවා
ගරු වූයේද එම සිංහ වූයේද වෙමි!!!

කොහොමද මගෙ සයිබර් අවකාෂයේ මිතුරනේ??

මාස කිහිපයකට පස්සෙ අයෙත් බ්ලොග් එක පැත්තෙ ඇවිත් අලුත් දෙයක් කරන්න හිතුනා.ඇත්තටම ජුලි මාසෙන් පස්සෙ කිසිම සටහනක් නැතිවෙනකොට ඔයාලට හිතෙන්න ඇති මගෙ බ්ලොග් කෙරුවාව ඉවරයි කියල.ඔයාලට විතරක් නෙමේ මටත් එහෙම හිතිච්ච අවස්තා තිබ්බා.බ්ලොග් එක නැවත පන ගන්වන්න හිතේ කොච්චර උවමනාවක් තිබ්බත් වැදගත් සටහනක් තියන්න තරම් නිදහස් සිතක් තිබ්බෙ නැහැ පහුගියකාල පුරාවටම.
ඒත් මෙ දවස් ටිකෙ පොඩි නිදහසක් හම්බ උනා.ඒ නිසාවෙන්ම හිතුව බ්ලොග් එක අලුත් කරන්න කියල.කාලයක් තිස්සෙ නිදාගෙන හිටපු කවි සිතට පන දෙන්න කාලෙ හරි.ඒ වගේම කාලාන්තරයක් තිස්සෙ එහෙ මෙහෙ කුරුටු ගාපු කවි පදවලටත් ලොකය දකින්න ඉඩ දෙන්න මේ අවකාෂය හොදයි කියල හිතුනා.මගෙ බ්ලොග් එකේ තාමත් හැමදේටම ඉඩ තියෙනවා.ඒ උනාට මගෙ බලාපොරොත්තුව නිර්මාණෂීලී දේවල් වලට වැඩි ඉඩික් දෙන්න.
මෙ ගෙවිච්ච කාල පරාසය ඇතුලතදි මට බොහොම අලුත් අත්දැකීම් හමු උනා.ඒ වගේම තමයි අලුත් අපූරු මිනිස්සු කීප දෙනෙකුත් හම්බ උනා.දැන් ඉතින් ජීවිතයෙ වැඩිපුරම කාලය ගතවෙන්නෙ එ අපූරු මිනිසුන් එක්ක.
කොහොම හරි බ්ලොග් එකෙ අලුත් දෙයක් ලියන්න කල්පනා කරද්දි මට හමු උනා මගෙ ටිකක් පරණ කවි පොතක්.දූවිලි වලින් වැහිල තිබ්බ පොතේ දූවිලි ගසල ගත්තම ඒ දවස්වල ලියපු මගෙ හිතට දැනෙන කවි ටිකක් මතු උනා.එක වෙලාවකට හිතෙනව මෙ කවි ටිකත් එකතු කරල තව කවි පොතක් එලි දක්වන්න.නිර්මාණයක් කරල එක ගේ ඇතුලෙ හන්ගගෙන ඉදල වැඩකුත් නැහැනෙ ඉතින් නේද?
ඔන්න එහෙනම් මගෙ බ්ලොග් එකේ අලුත් ගමන ඒ පරණ කවියකින්ම පටන් ගන්නම්.හැමදෑම වගෙ ඔයගොල්ලො හොද නරක තොරල දේවි කියල මම හිතනව. නිකන්ම නිකන් හොද නරක නෙමේයි.විවෘතව සන්වාදයේ යෙදෙන්න ඉඩ හදන හොද නරක. 🙂

ගරුවා
ගරු වූයේද එම සිංහ වූයේද වෙමි!!!