රත්තරන් පිඟාන !!!!

Posted: November 30, 2010 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

දිනක් මහ බරනැසේ….
පන්සලක මිදුලකට….
රනින් කල පිඟානක්….වැටිනි අහසින්…..
කුරුටු ගෑ වදන් විය…පිඟානේ මෙලෙසින්…

“වැඩියෙන්ම ආදරය කරන්නාට..ස්වර්ගයෙන් තිලිනයකි”

මෙය දුටු පූජක තෙමේ කීවේ…
“සෑම දින රෑ මැදියමේ…එකතුවනු මැන මිදුලට….
මේ කසුන් තැටියට..උරුමකම් සොයන්නන්….
අසන්නෙමු අපි…ඔබ කලාවූ…..
සත් පුරුෂ යුතුකම්…”
මෙපුවත පැතිරී ගියේ..අලු වේගයට වැඩියෙන්…
සෑම සිව් කොනෙකින්..පැමිනියේ මෙලෙසින්…
කසුන් තැටියට උරුම කම් කියන්නන්….
ශුද්ධ වූ මිනිසුන්,වියත්,සිහසුන් දැරූ උතුමන්…
පැමිණ රැස්වී කියන්නට විය….තමා කල ගුණ ගරුකම්…

ගයන අතරේ තමාගේ ගුණ..උතුම් විනිසුරු මඩුල්ලක් විය…
සාවධානව අසාගෙන…..
“වසරක් ගෙවිනි නොදැනිම”

අසා හිද බොහො කුහුලින් මෙතෙක් කල්…
තීරණයකට එලඹින…..

ලැබිය යුත්තා රනින් කල පිගාන..
ධනවතෙකි…..දුගියන්ට දන් දෙන….
වෙව්ලමින් සතොසින්..ධනවතා…
දෑත් දිගු කොට පිඟානට….තැබූ සැනෙකින්…
ඇගිලි තුඩ…
අහො!!! පුදුමයකි….
රත්රින් වීය..ඊයම් පිගානක්…
බියවී බොහො සෙයින්…
වැටින පිඟාන මිහි මත…
තව තවත් පුදුමයකි….දිලෙන්නට විය තවත් රන් පැහැයෙන්…
තවත් දින තිහේ දුසිමක් ගෙවිනි……
උරුම කරුවන් සොයන්නට….
තෙවරක්ම පිදිනි පිගාන..ප්ර.තික්ෂේප විය ස්වර්ගයෙන්…

මේ සියල් අහු අස්සේ..දහස් ගනනින් දුගියන්..
එකතුවිය පන්සල් මිදුලට…සිතමින්….
කසුන් තැටියට උරුම කම් කියන්නන්…
දන් දේවියැයි තමන්හට…උරුමය තහවුරු කරන්නට…..

අරමුණ දුගියන්ගෙ ඉටුවිය…රත්රහන් කාසි වැසි පතිත විය….දිග හැරුනු දෑතින්…
නමුත් එක මුහුනකවත්..අනුකම්පාවක් නොවීය….
තරහව මිස දුගියන් කෙරෙහි….

“පලක් නොවිනි කිසි දෙයකින්”

දිනක්…
කිසිවක් නොදත්…අඳ ගොවියෙක්…
පැමිනියේ පන්සල් මිදුලට…..
කම්පා වී තදින්…වැලපෙන දුගියන් දැක…
මෙසේ කීවේය…කිහිලිකරු ඇති දුගියෙකුට….
“දෙවියන් හොදයි..ඉවසන්න එඩිතරව…සහොදරයිනි”
කියමින් මෙසේ ඔහු ගියේ පන්සල් මිදුලට…
දැක එහි රැස්ව සිටි ජනකාය..පුදුම වී……
යන්නට සැරසුනු කල…
රත්රටන් පිගාන අතැති වූ පූජක තෙමේ…
අඩ ගැසීය ගොවියාට….

“ගනු මැන මෙය”

නිදනිමින් කිසිවක්….අවනතව පූජක අනට…
ගත් සැනින් අතට..රත්රවන් පිගාන…

තව තවත් දිලිසිනි දෙතුන් ගුණයක්….

සතුටු වූ පූජක තෙම කීවේ…
“පුත..සතුටුවන්න..වැඩියෙන්ම ආදරය කරන්නා..ඔබය”
“මේ ඔබට ස්වර්ගයෙන් තිලිනයකි”

අන් සියල්ලො දුකින් විසිරිනි…ගොවියා තුටින් යැදිදේය දෙවියන්!!!!

Leight Hunt කවියාගේ “The golden Plate” කාව්යු ඇසුරිනි.


ගරුවා
ගරු වූයේද එම සිංහ වූයේද වෙමි!!!

Leave a comment