Archive for February, 2015

එනවලු ලබන සිකුරාදා..
සිදාදියෙන් මහත්තැන් නෝනලා පිරිසක්…,
අරගෙන පොත් පත් පෑන් පැන්සල් එහෙමත්..,
හැමෝටම හම්බෙනව වටිනාකියන දේ බොහොමත්…,
ටීචර් කියාගෙන ගියා..පංතිය නිශ්ශබ්ද වනතෙක්…

එදාට තෑගි බෙදා දෙන්න.. තියනව පුන්චි උත්සවයක්…
පුරුදු වෙන්න ඔනේ හැමෝම හොද සින්දුවක්…
ඇදල එන්න ඔනේ ලඟ තියෙන හොදම ඇදුමත්….
ටීචර් කියාගෙන ගියා හැමෝටම නො ඇහුනත්….

හිතා ගත්තා මමත් කියන්නට ලස්සන පොඩි සින්දුවක්…
පුරුදු උනා ගෙදරදිත් හොද හැටි හත් අට වතාවක්….
ඉල්ලගෙන සුපිරින්ඩෙන්ගෙ පුතාගෙන් සපත්තු දෙකකුත්….
ණයට ගත්ත නිල පැකට් එක දාල ..හොදගෙන ඉස්කොලෙ ඇදුමත්…

උදෙන්ම ඇවිදින් ඉස්කොලේ ගෙට්ටුව ලගටත්..
පිට්ටනියෙ ඇවිදින ගමන් කිය කිය සින්දුවත්…
අමතක වෙයිදෝ බයක් හිත යට තිබුනත්…
බලා සිටියා සිදාදියෙ මහත්තැන් එන තෙක්…

ඇවිදිල්ල තෑගි බෙදමින් ගත උනා පැය කීපෙකුත්….
මටත් ලැබුනා පොත් එක්ක පාට පැන්සල් ටිකකුත්….
සිංදුව ලගයි….ලෑස්තියි නේද කියා ටීච ඇහුවත්….
බලා හිටිය මගෙ නම කියනකම්..ඇස් දෙක රිදුනත්….

ඇවිල්ලලු කලාපෙ කීපදෙනෙක්.. ආරාධනා නොකලත්….
දෙන්න වෙලාලු ආ නිසා කතා දෙක තුනකුත්….
ඇරෙන්න ඉස්කොලෙ තිබ්බෙ තව බොහොම පොඩ්ඩක් වෙලාවක්…
ඒ නිසා සින්දුවට වෙලාවක් නෑ කිව්ව ටීච ඇවිත් තව වතාවක්…..

හංගගෙන…හිතේ තෙරපිලා තිබ්බ ආසාව නිසාමත්..
අම්ම ඇවිදින් කහට දත් පෙන්නල බලා උන්නු ඒ හිනාවත්…..
කදුලු කැට වෙලා සීතලට කම්මුල් තෙමාගෙන ගියාමත්…
ඉන්න වෙනව සින්දුවක් කියන්නට… සිදාදියෙන් එනකන් තව වතාවක්…!

blog-tatoo